colombotimes.lk
සිංහල | English

06 October 2024


රාජ්‍ය සේවක වැටුප් වැඩි කළොත් වැට් බදු ඉහළට



රාජ්‍ය සේවකයින් ඉල්ලන වැටුප් වැඩි කිරීම සිදු කළහොත් වැට් බද්ද ඉහළ නැංවීමට සිදුවන බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා.

ඒ අනුව දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20%ත් - 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බව ඔහු සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මහජනතාව පීඩාවට පත් කරමින් එම ඉල්ලීම සපුරාලීමට රජයට හැකියාවක් නැති බවයි.

ජනාධිපති කාර්යාලයේ අද (08) පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියා.

(colombotimes.lk)