දුර්ලභ කැස්බෑ විශේෂයක් සොයා ගැනේ



Cantor’s giant softshell නමින් හඳුන්වන දුර්ලභ කැස්බෑ විශේෂයක පළමු අභිජනන ගහනය දකුණු ඉන්දියාවෙන් සොයාගෙන තිබෙනවා.

ඒ Portsmouth විශ්වවිද්‍යාලය ප්‍රමුඛ සංරක්ෂණවේදීන් කණ්ඩායමක් විසින්.

මෙම කැස්බෑ විශේෂය දකුණු හා අග්නිදිග ආසියාවේ ගංගාවලට ආවේණික වන අතර බරපතළ ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව තිබෙනවා.

විදෙස් වාර්තා වල සඳහන් වන්නේ මෙම කැස්බෑවන් සිටින ස්ථානය ආසන්නයේ අභිජනනාගාරයක් සහ තවානක් පිහිටුවීමට මෙම කණ්ඩායම පියවර ගනිමින් සිටින බවයි.

මෙම කැස්බෑවන් මිරිදියේ ජීවත් වන අතර, වැඩුණු සත්ත්වයෙක් මීටර 1ක් පමණ දිගින් සහ කිලෝග්‍රෑම් 100ක් පමණ බරින් යුතු වනවා.
(colombotimes.lk)