colombotimes.lk
සිංහල | English

21 May 2024

බස් ගාස්තු අඩු වීමක් නැහැ - බස් සංගම්



ඩීසල් මිල පහළ ගිය ද බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බව පෞද්ගලික බස් හිමියන් පවසනවා.

ආණ්ඩුව තවත් රුපියල් 30කින් පමණ ඩීසල් මිල පහත දැමීමට කටයුතු කළහොත් බස් ගාස්තු අඩු කිරීමට සූදානම් බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළා.

මේ අතර සියයට 4 ප්‍රතිශතය වෙනස් වීම තුළ බස් ගාස්තුව උච්ඡාවචනය වන බවත් රුපියල් 30ක් අඩු කිරීමෙන් කිසිසේත්ම බස් ගාස්තු අඩු වීමක් සිදු නොවන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.

(colombotimes.lk)