colombotimes.lk
සිංහල | English

21 May 2024

ජනපති - බැසිල් අතර හමුවේ ප්‍රතිඵල



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (21) රාත්‍රියේ පැවැත්වුණා.

එහිදී ජනාධිපතිවරණය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත සෙසු මැතිවරණ පිළිබඳ සහ දේශපාලන කටයුතු පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය පිළිබඳ බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාව දැනුවත් කර ඇති බවයි.
(colombotimes.lk)