colombotimes.lk
සිංහල | English

08 September 2024


කඳුකරයට ලිට්‍රෝ ගෑස් හිඟයක්



හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල දින කිහිපයක සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් හිඟයක් පවතින බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇති බව ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන් සහ පාරිභෝගිකයන් කියා සිටියා.

මාසයක පමණ කාලයක සිට ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ඉල්ලුමට සරිලන ගෑස් තොග නිකුත් නොකිරීම සහ නියමිත කාල සටහනට අනුව ගෑස් තොග බෙදා නොහැරීම මත මෙම ගෑස් හිඟය මතු වී ඇති බවයි හැටන් ප්‍රදේශයේ ගෑස්
අලෙවි නියෝජිතයින් ප්‍රකාශ කළේ.

ලිට්‍රෝ ගෑස් නොලැබීම හමුවේ හැටන් නගරයේ ගෑස් අලෙවිසැල් කිහිපයක් වසා දමා ඇති අයුරු Colombo Times අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වූයේ මෙලෙසින්,