colombotimes.lk
සිංහල | English

08 September 2024


SL vs Afg - 2nd T20 I ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්



ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති දෙවන T20 තරගය ලකුණු 72 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 187ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට රැස් කිරීමට හැකියාව ලැබුණේ සියලුදෙනා දැවී ලකුණු 115ක් පමණයි.

ඒ අනුව තරග තුනකින් සමන්විත T20 තරගාවලිය 2-0ක් ලෙස මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන සිටිනවා.
(colombotimes.lk)