colombotimes.lk
සිංහල | English

17 May 2024

රිලවුන්ගේ කරදරයට රාජ්‍ය ඇමතිගෙන් විසඳුමක්



කෑගල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ගොවි සංවිධාන වෙත සිය විමධ්‍යගත අරමුදලින් වායු රයිෆල ලබාදීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ, රිලවුන්ගෙන් ගොවිතැනට සිදුවන හානී අවම කර ගැනීම සඳහායි.

රිලවුන්ගෙන් සිදුවන හානී හේතුවෙන් ගොවි ජනතාවට සිය වගා කටයුතු පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළා.
(colombotimes.lk)