colombotimes.lk
සිංහල | English

08 September 2024


නීති විරෝධීව ගෙනා කහ තොගයක් සමඟ සැකකරුවෙක් කොටු වෙයි



නීති විරෝධී ලෙස බෝට්ටු මඟින් මෙරටට ගෙනා කහ තොගයක් සමඟ පුද්ගලයෙක් පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ප්‍රදේශයේ 49 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ එම වැටලීමේදී කහ කිලෝ 1767.5ක්, බෝට්ටු 04ක් සහ කහ ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ බස් රථයක්ද අත්අඩංගුවට ගත් බවයි.  

(colombotimes.lk)