27 March 2025


වෙනිසියුලාවෙන් තෙල් මිලදී ගන්නා රටවලට 25%ක තීරු බද්දක්



වෙනිසියුලාවෙන් තෙල් හෝ ගෑස් මිලදී ගන්නා ඕනෑම රටක් අප්‍රේල් 2වනදා සිට ඇමරිකාව සමඟ කරන වෙළඳාමේදී 25%ක තීරු බද්දක් පනවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම නවතම තීරුබදු පිළිබඳ ඊයේ (24) උදෑසන Truth Social සටහනකින් පළ කර තිබූ බවයි.

එහිදී ඔහු ජනාධිපති නිකොලස් මධුරෝගේ නායකත්වයෙන් යුත් එහි රජයද විවේචනය කර තිබෙනවා.

එක්සත් ජනපද ජනාධිපතිවරයා සඳහන් කළේ තීරුබදු එකතු කිරීම සඳහා අප්‍රේල් 2වනදා සිට බාහිර ආදායම් ඒජන්සියක් ආරම්භ කිරීමට උත්සාහ කරන බවයි.


(colombotimes.lk)