colombotimes.lk
සිංහල | English

08 September 2024


ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සමුළුවකට අතුරු තහනමක්



ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ලබන 19 වනදා ත්‍රිකුණාමලයේ සංවිධානය කර ඇති සමුළුවක් වළක්වමින් අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ත්‍රිකුණාමලය දිසා අධිකරණයට සහ යාපනය දිසා අධිකරණයට පක්ෂ සාමාජිකයන් දෙදෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් සළකා බැලීමෙන් අනතුරුවයි.

මීට පෙර පැවති පක්ෂ මහ සභා රැස්වීම්වලදී අක්‍රමිකතා සිදුව ඇති බවත් එහිදී ගත් තීරණ අවලංගු කරන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.

ඒවායේ වගඋත්තරකරුවන් ලෙස එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රී ධරන් ඇතුළු 07 දෙනෙකු නම් කර ඇති බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)