විශ්ව විද්‍යාල අයදුම්පත් කැඳවීම හෙටින් අවසන්



2023 වර්ෂයට අදාළ ව විශ්ව විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව 2023 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ සමත් සිසුන් 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ වනවිට අයදුම්පත් කැඳවා තිබෙන බවයි.

ඒ අනුව, පසුගිය වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට අන්තර්ජාලය මගින් අයදුම් කිරීමේ අවසාන දිනය හෙට(05) දිනයෙන් අවසන් වන බව එහි සඳහන් වනවා.

මෙතෙක් එම කටයුතු අවසන් නොකළ සිසුන් අදාළ අයදුම්පත විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන UGC වෙබ් අඩවියට පිවිසීමෙන් යොමු කරන ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිහි කැඳවීමක් කර තිබෙනවා.
(colombotimes.lk)