25 July 2025

logo

රෝහිතගේ දියණියට අනතුරු ඇඟවීමක්



පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය ඉදිරි දින කිහිපය තුළ පොලීසියට භාර නොවන්නේ නම් ඇයට හිමි දේපල තහනම් කිරීමේ නියෝගයක් ලබා ගන්නා බව පොලීසිය පවසනවා. 

ඇය සහ ඇයගේ ස්වාමියා රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති ස්ථාන කිහිපයක් පරීක්ෂා කළ බවත් එම කිසිදු ස්ථානයක ඔවුන් සිට නොමැති බවත් පොලීසිය සඳහන් කළා. 

නීතී විරෝධීව ජීප් රථයක් මෙරටට ගෙන්වා එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා.  

(colombotimes.lk)