colombotimes.lk
සිංහල | English

18 October 2024


ව්‍යාජ ඔප්පු සැකසූ නීතිඥවරයෙක්ට වැඩ වරදියි



රාජගිරිය කොස්වත්ත ප්‍රදේශයේදී වංචනික ලෙස ඉඩම් බලපත්‍රයක් සකස් කිරීම ඇතුළු චෝදනා 2කට වරදකරු වූ නීතිඥවරයෙක්ට වසර 8ක් සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ කොළඹ මහාධිකරණය විසින්.

එමෙන්ම මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ විසින් අදාළ විත්තිකරුට රුපියල්. 20,000ක දඩ මුදලක් ගෙවීමටද නියෝග කර තිබෙනවා.

2013 වසරේ ඔක්තෝබර් මස 11වනදා සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් 2015 වසරේදී මෙම නඩුව පවරා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)