colombotimes.lk
සිංහල | English

14 October 2024


චීන ජාතිකයන් 31දෙනෙක් අත්අඩංගුවට



මහනුවර සහ ඇතුල්කොට්ටේ ප්‍රදේශවල සැක සහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතිකයින් 31 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් අතර කාන්තාවක්ද වන බවයි.

ඔවුන් පෙරේදා (12) දින අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් සමඟ සබඳතාවක් පවතිනවද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් තුළ ලැඟුම්ගෙන සිටියදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් අතර කාන්තාවන් 04 දෙනෙක් සිට තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර පෙරේදා දින මහනුවර, පල්ලෙකැලේ නත්තරන්පොත ප්‍රදේශයේදී ද චීන ජාතිකයන් 126 දෙනෙක්, වියට්නාම ජාතිකයන් දෙදෙනෙක් සහ තායිලන්ත ජාතිකයෙක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඒ අනුව ගත වූ දින දෙක තුළදී අදාළ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් විදේශිකයන් 161දෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදුකිරීමට නියමිතව බවයි.  

(colombotimes.lk)