07 January 2026

logo

ජනපතිවරණයේදී ගහපු එක කතිරෙන් සිදු වූ පෙරළිය ගැන නලින්ද ජයතිස්ස කියයි



ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළ එක කතිරයකින් විශාල පෙරළියක් සිදු වුණ බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඔහු අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සමහර පුද්ගලයන් පරාජයට බියවී මෙවර නාමයෝජනා අත්සන් කර නිවාස තුළ සිටින බවයි.

එමෙන්ම වසර 88කට පසුව රාජපක්ෂවරයෙක් හම්බන්තොටින් ඡන්දය සඳහා ඉදිරිපත් නොවන තත්ත්වයකට පත්ව ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස එහිදී ප්‍රකාශ කළා.

(colombotimes.lk)