colombotimes.lk
සිංහල | English

14 October 2024


UL607 අංක දරණ ගුවන්යානයේ සිදුවීම ගැන නිවේදනයක්



සැප්තැම්බර් 21 දින සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ UL607 අංක දරණ ගුවන්යානයේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ අංශ විමර්ශන කටයුතු  ආරම්භකර තිබෙනවා.

ශ්‍රීලංකන් ගුවන්සේවය අදාළ බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බවත් විමර්ශන වාර්තාව ලැබෙන තෙක් එහි කපිතාන්වරයා සේවයෙන් ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මගී ආරක්ෂාව සහතික කිරීම සහ සියලු නියාමන අවශ්‍යතා සමඟ අනුකූලව කටයුතු කිරීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රමුඛ කාර්යයක් බව එම සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

(colombotimes.lk)