colombotimes.lk
සිංහල | English

14 October 2024


සිංහයන්ගේ තවත් තරගාවලියක් ගැන ක්‍රිකට් ආයතනයෙන් දැනුම්දීමක්



නොවැම්බර් මාසයේදී තරග සංචාරයක් වෙනුවෙන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14) නිවේදනය කළා.

මෙම සංචාරයට තරග 2කින් සමන්විත T20 තරගාවලියක් සහ තරග 3කින් සමන්විත එක්දින තරගාවලියක් ඇතුළත්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ T20 තරගාවලිය සහ පළමු එක්දින තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි.

එමෙන්ම එක්දින තරගාවලියේ අනෙක් එක්දින තරග දෙක මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවත් එම ආයතනය වැඩිදුරටත් සඳහන්  කළා.

මෙහි තරග පැවැත්වෙන දිනයන් පහතින්,



(colombotimes.lk)