colombotimes.lk
සිංහල | English

14 October 2024


ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරයි



දිවයින පුරා පවතින අධික වර්ෂාපතනයත් සමඟ ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබෙන නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල නායයෑම් පිළිබඳ දෙවන මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීම මෙලෙස දීර්ඝ කළ බවයි.

එමෙන්ම නුවරඑළිය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් ද දීර්ඝ කර තිබෙනවා.

(colombotimes.lk)