colombotimes.lk
සිංහල | English

14 October 2024


පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම හෙට රැස්වෙයි



එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදීයි.

පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාව හමුවන පළමු අවස්ථාවද මෙය වනවා.

ඒ අනුව හෙට (15) දිනයේදී එක් අපේක්ෂකයෙක් වෙනුවෙන් වියදම් කළ හැකි අවම මුදල තීරණය කිරීමට ද නියමිතයි.

ඉන් අනතුරුව ඊට අදාළ ගැසට් පත්‍රයද නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා.

මීට අමතරව මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

(colombotimes.lk)