colombotimes.lk
සිංහල | English

21 October 2024


තවත් සැප වාහන දෙකක් මහනුවරින් හමුවෙයි



කෝටි 6ක් පමණ වටිනාකමකින් යුත් අධි සුඛෝපභෝගී වාහන 02ක් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

ඒ මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණු තොරතුරකට අනුවයි.

ඒ අනුව අනිවත්ත ප්‍රදේශයේ නිවසක ගරාජය පරීක්ෂා කිරීමේදී රහසිගත ලෙස සඟවා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් හා ජීප් රථයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
 
එම වාහනවල නීත්‍යානුකූල ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට නිවැසියන්ට නොහැකි වූ නිසා එම වාහන පොලීසිය භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)