colombotimes.lk
සිංහල | English

19 September 2024

INTERNATIONAL
POLITICAL


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අවසන්



2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම මේ වන විට අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයන් සිටී නම් අද (19) සිට 21 වනදා තමන්ට අයත් තැපැල් කාර්යාලයෙන් ඒවා ලබා ගන්නා ලෙසයි.

සිය අන්‍යතාව තහවුරු කර පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ඒවා ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ කෙසේ වෙතත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැතිව වුවද හැඳුනුම්පත රැගෙන යාමෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන බවයි.

(colombotimes.lk)