09 January 2025


2025 වසරේදී 8,000කට දකුණු කොරියාවේ රැකියා අවස්ථා



2025 වසරේදී ශ්‍රී ලාංකිකයන් 8,000කට ආසන්න පිරිසක් සඳහා දකුණු ‍කොරියානු රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඒ දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකිකයන් 96දෙනෙක් සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් බඳවා ගන්නා රටවල් 16 අතර වඩා ඉහළ දක්ෂතාවයන්ගෙන් යුතු ගුණාත්මක ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවෙන් යොමුකිරීමට ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බවයි.

(colombotimes.lk)