08 January 2025


මහ මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන්ට නඩු



මහ මැතිවරණයට අදාළව ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂයන් සම්බන්ධයෙන් වන ලිපි ගොනු සම්පූර්ණ කර නීතිමය කටයුතු සඳහා හැකි ඉක්මනින් පොලීසියට ලබාදෙන ලෙස දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට දැනුම්දී තිබෙනවා.

ඒ මැතිවරණ කොමිෂන් සභාව විසින්.

ආදායම් වියදම් වාර්තා භාරදීම සඳහා ලබාදී තිබූ කාලය අවසන් වුවද අපේක්ෂකයන් පිරිසක් තවමත් එම වාර්තා ලබාදී නොමැති බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමිසම සඳහන් කළේ එම ආදායම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන්ට එරෙහිව නීතියම ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බවයි.

මේ අතර ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් ජනාධිපතිවරණ අපේකෂයන් 5දෙනෙක්ට එරෙහිව ලබන සතියේදී නඩු පැවරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සිය ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් ජනාධිපති අපේක්ෂයන් 7දෙනෙක්ට මේ වන විට නඩු පවරා තිබෙනවා.

(colombotimes.lk)