20 January 2026

logo

මුදල් කාරක සභාවට නව සාමාජිකයන් පත්කරයි



මුදල් කාරක සභාව සඳහා නව සාමාජිකයන් පත්කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ අර්කම් ඊල්ලෙයාස් එහි නව සාමාජිකයන් ලෙස පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද (07) ආරම්භ වුණා.

එහිදී කථානායකවරයා විසින් මෙම පත්කිරීම් පිළිබඳ නිවේදනය සිදු කර තිබෙනවා.

(colombotimes.lk)