13 December 2025

logo

ලොස් ඇන්ජලීස්හී හදිසි තත්ත්වයක්



ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හී හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ Pasific Palisades ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්නක් හේතුවෙන්.

මෙය අක්කර 20 සිට 1,200 දක්වා වේගයෙන් වර්ධනය වී තිබෙන බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්න හේතුවෙන් පදිංචිකරුවන් 30,000ක් ඉවත් කිරීමට සිදු වූ බවයි.

එමෙන්ම නිවාස 10,000කට අධික ප්‍රමාණයකට තර්ජන එල්ල වී තිබෙනවා.

(colombotimes.lk)