colombotimes.lk
සිංහල | English

28 October 2024


ඔක්තොම්බර් මාසයේ සංචාරකයන් 85,836ක් දිවයිනට



ඔක්තොම්බර් මාසයේ ගතවූ දින 20ක කාලය තුළ සංචාරකයන් 85,836ක් මෙරටට පැමිණ තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එම සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් ඉන්දියානුවන් බවයි.

එමෙන්ම බ්‍රිතාන්‍ය, චීනය, ජර්මනිය, රුසියාව, ඕස්ට්‍රේලියාව සහ ප්‍රංශය ඇතුළු රටවලින්ද වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ තිබෙනවා.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ තිබෙන මුළු සංචාරකයන් සංඛ්‍යාව 15,70,644 බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

(colombotimes.lk)