colombotimes.lk
සිංහල | English

28 October 2024


සුඩානයේ සිවිල් වැසියන් 124කට දිවි අහිමි වෙයි



සුඩානයේ පැරාමිලිටරි ආධාරක බලකාය හෙවත් ආර්. එස්. එෆ්. සංවිධානය විසින් එරට එල් ගෙසිරා ප්‍රාන්තයේ ගම්මානයකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 124දෙනෙක් මියගොස් තිබෙන බවයි.

ආර්. එස්. එෆ්. සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරියෙක් එරට හමුදාවට භාරවීමෙන් අනතුරුව එම බලකාය විසින් පළිගැනීමේ ප්‍රහාර එල්ල කරමින් සිවිල් වැසියන් මරා දමා තවත් දහස් ගණනක් අවතැන් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)