colombotimes.lk
සිංහල | English

28 October 2024


ගුරුවරුන් සම්බන්ධයෙන් නව රජය ගන්න යන විශේෂ තීරණය මෙන්න



ගුරුවරුන් 9,000ක් සඳහා ඉදිරි වසරේ ස්ථාන මාරුවීම් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ එකම ජාතික පාසලේ දස වසරකට වැඩි සේවා කාලයක් සහිත ගුරුවරුන්ට එම ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බවයි.

විවිධ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් පසුගිය කාලයේදී ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවීමට සිදු වුණා.

එම හේතුන් මත කිසිදු මැදිහත්වීමකින් තොරව ගුරු මාරු, මණ්ඩල නිර්දේශ මත පමණක් පදනම් වී අදාළ ස්ථාන මාරුවීම් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)