colombotimes.lk
සිංහල | English

24 October 2024


ගුවන් හමුදාවට ඕස්ට්‍රේලියාවෙන් බීච් ක්‍රාෆ්ට් යානයක්



ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාව විසින් භාවිතා කළ බීච් ක්‍රාෆ්ට් කින්ග් වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දී තිබෙනවා.

එය ඉදිරියේදී ගුවන් හමුදා අංක 03 සමුද්‍රීය බලඝණයට අනුයුක්තව රාජකාරී ඇරඹීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේ සමුද්‍රීය ආවේක්ෂණ හැකියාව වර්ධනය කිරීම සඳහා මෙම ගුවන් යානය ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රදානයක් ලෙස හිමිවී තිබෙනවා.

මෙමඟින් එම කලාපය තුළ සිදු කරන සොයාගැනීම් සහ මුදවාගැනීම්, අන්තර්ජාතික මට්ටමින් සිදු කරන අපරාධ සහ මිනිස් ජාවාරම් තුරන් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අවස්ථාව ලැබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)