colombotimes.lk
සිංහල | English

24 October 2024


T20 ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තුන්වන ස්ථානයට



නවතම ICC T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ සමත් වී තිබෙනවා.

ඒ අනුව මහීෂ් එම ශ්‍රේණිගත කිරීම්වල 3වන ස්ථානයට පත්ව තිබෙන්නේ ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින්.

එමෙන්ම වනිඳු එම ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල රැඳී සිටින්නේ 06වන ස්ථානයේයි.

(colombotimes.lk)