colombotimes.lk
සිංහල | English

24 October 2024


ඩයනාගේ පාස්පෝට් නඩුව කැඳවීමට අධිකරණයෙන් දින දෙයි



ඩයනා ගමගේට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ නඩුවේ විභාගය කල් දැමීමට අධිකරණය අද (24) නියෝග කළා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ එම නඩුව කැ‍ඳවූ අවස්ථාවේදීයි.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සහ වල‍ංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැදී සිටීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

අදාළ නඩුව අද විභාගයට ගැනීමට නියමිතව තිබීම හේතුවෙන් සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා මීර පෙර සිතාසිද නිකුත් කළා.

කෙසේ වෙතත් විත්තියේ නීතිඥවරයා අසනීප තත්වයෙන් පසුවන බවට කළ දැනුම්දීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය ලබන වසරේ පෙබරවාරි 06වනදා දක්වා කල් තැබීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)