77 වන නිදහස් සැමරුම් උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ නිදහස් දින සැමරුම් උළෙලට සහභාගී වන ආරාධිත අමුත්තන් සංඛ්‍යාව 3000 සිට 1600 දක්වා අඩු කරන බවයි.
මෙවර සැමරුම් උළෙලේදී ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩිමුර 21ක් පිරිනැමීම අවලංගු කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා සඳහන් කළේ ත්‍රිවිධ හමුදා හා පොලිස් ආචාර පෙළපාලියට සහභාගී වන භට සංඛ්‍යාවද අඩු කර ඇති බවයි.
හමුදා පෙළපාලියේදී සන්නද්ධ රථ ප්‍රදර්ශනය කිරීමද මෙවර නිදහස් සමරු උළෙලේදී සිදු නොකිරීමට තීරණය කර තිබෙනවා.
අමාත්‍යවරයා කියා සිටියේ ගුවන් සංදර්ශනද සීමා කර ඇති බවයි.
මෙවර නිදහස් සැමරුම් උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රධානත්වයෙන් ලබන මස 04 වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)