පසුගිය දිනවල ශ්වසන රෝගීන්ගේ ඉහළයාමක් පෙන්නුම් කළ බව සෞඛ්‍ය අංශ පවසනවා.
පෙනහළු රෝග විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක සඳහන් කළේ ශ්වසන රෝග අතර ඇදුම, පුප්පුශීය ප්‍රදාහය (COPD) සහ ක්ෂය රෝගය වැඩි වශයෙන් ඉහළ ගොස් ඇති බවයි.
ඊයේ (07) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
සෞඛ්‍ය අංශ කියා සිටියේ රෝග ව්‍යාප්තිය හේතුවෙන් දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි.
(colombotimes.lk)