colombotimes.lk
සිංහල | English

01 October 2024


දරුවන් ගැන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයෙන් දැනුම්දීමක්



මෙරට දරුවන් 3500ක් පමණ වසරකට බරපතළ අපරාධවලට ගොඳුරු වන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසනවා.

එහි නියෝජ්‍ය පොලිස්පති රේනුකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ සුළු අපරාධවලට ගොඳුරු වන ළමුන් සංඛ්‍යාව 1,500ක් පමණ වන බවයි.

අන්තර්ජාලය ඔස්සේ මෙරට ළමුන් විවිධ හිංසනවලට ගොඳුරු වන බව ද පොලිස් ළමා කාන්තා කාර්යාංශය පවසනවා.

එම කාර්යාංශය පෙන්වා දෙන්නේ එම තත්ත්වයෙන් ළමුන් මුදවා ගැනීම මේ වන විට දුෂ්කර වී ඇති බවයි.

මේ වන විට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය, පොලීසිය, අධ්‍යාපන අමාත්‍යාංශය ළමුන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය, සුරක්ෂිතතාව වෙනුවෙන් වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

(colombotimes.lk)