02 July 2025

logo

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්



ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර 200ක් එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව සියලුම ඊශ්‍රායල සිවිල් වැසියන් බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බවයි.

මේ අතර එහි සිටින ශ්‍රී ලාංකිකයන් වෙත ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඊශ්‍රායලයේ සිටින සියලුදෙනාට නැවත දැනුම්දෙන තුරු  ආරක්ෂාවක් ලැබිය හැකි ස්ථානයක් ආසන්නයේ සිටින ලෙසයි.

අනවශ්‍ය ගමන්බිමන් යාමෙන් වැළකි තම ආරක්ෂාව සලසා ගන්නා ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය හා PIBA ආයතනය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

(colombotimes.lk)