colombotimes.lk
සිංහල | English

01 October 2024


පොල්තෙල් කර්මාන්තයේ බරපතල කඩා වැටීමක්



පොල්තෙල් ආනයනය කිරීම නිසාවෙන් දේශීය පොල්තෙල් කර්මාන්තය බරපතල කඩා වැටීමකට ලක්වී ඇති බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිත බුද්ධික ද සිල්වා පවසනවා.

ඊයේ (30) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ වසරකට, කෘතිමව පිරිපහදු කරන සෞඛ්‍යයට අහිතකර පොල්තෙල් කිලෝ මිලියන 80,000ක් පමණ මෙරටට ආනයනය කරන බවයි.

ආනයනික පොල්තෙල් දේශීයව නිෂ්පාදනය කරන පොල්තෙල් ලෙස අලෙවි කිරීමේ කූට ක්‍රියාවලිය මේ වන විටත් සිදුවෙමින් පවතින බව ඔහු ප්‍රකාශ කළා.

(colombotimes.lk)