colombotimes.lk
සිංහල | English

01 October 2024


ඩුබායිහි නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති විරෝධීව රැඳී සිටින විදේශිකයන්ට යළි සිය රට වෙත යාම සඳහා ප්‍රකාශයට පත්කර ඇති පොදු සමා කාලය උපරිම අයුරින් ප්‍රයෝජනයට ගන්නා ලෙස ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

එම පොදු සමා කාලය සැප්තැම්බර් 01 වනදා ආරම්භ වූ අතර ලබන නොවැම්බර් 01 වනදායින් අවසන් වීමට නියමිතයි.

ඩුබායිහි මෙරට කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර සඳහන් කළේ පොදු සමා කාලය තුළ 520දෙනෙක් යළි දිවයිනට යාම සඳහා ගුවන් ටිකට්පත් ලබාගෙන ඇති බවයි.

කොන්සල් ජනරාල් කාර්යාලය තුළ පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන නැවත දිවයිනට යාම සඳහා පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට සේවය සැලසීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
        
(colombotimes.lk)