colombotimes.lk
සිංහල | English

01 October 2024


දෙමළ ජාතික සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමුවෙයි



දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් අද (01) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.   

මෙරට 09වන විධායක ජනාධිපතිවරයා ලෙස මහජන පරමාධිපත්‍යයෙන් තේරී පත්වූ අනුර කුමාර දිසානායක වෙත සිය සුබපැතුම් ද එක්කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ එස්. ශ්‍රීධරන් ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක නිරතවී වූ බවයි.

(colombotimes.lk)