23 January 2026

logo

දියේ ගිලී පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි



මහියංගණය මාපාකඩ වැව නෙළුම් වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

මෙසේ මියගොස්  ඇත්තේ වයස අවුරුදු 58ක් වූ අමුණුදෝව, බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

ඔහු ඊයේ (10) බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිට මහියංගණයට විනෝද චාරිකාවක් සඳහා පැමිණ ඇති අතර එහිදී මෙම අනතුරට ලක්වී තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා සමඟ පැමිණි පිරිස ඔහුව බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණද රෝහල් ගත කිරීමෙන් පසුව ඔහු මියගොස් තිබෙනවා. 

(colombotimes.lk)