colombotimes.lk
සිංහල | English

05 October 2024


PHOTOS| සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ විශිෂ්ටයන්ට මහජන බැංකුවෙන් මූල්‍යමය ත්‍යාගයක්



මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිසු දරු දැරියන් ඇගයීමට පසුගියදා මහජන බැංකුවේ කුරුණෑගල ප්‍රාදේශිකය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මෙවර අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනෙන්ම දෙවන ස්ථානය ලබා ගත්තේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ S.H. විමංසා ජයනාදී රත්නවීර දියණියයි.  

ඇයට මහජන බැංකුව විසින් රුපියල් 75,000ක මූල්‍යමය ත්‍යාගයක් පිරිනමා තිබෙනවා.

මෙම අවස්ථාවට මලියදේව බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි නිරෝධා අබේවික්‍රම මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලය, මහජන බැංකුවේ කුරුණෑගල  ප්‍රාදේශිය කළමනාකාර ලාල්  පීරිස් මහතා, සහකාර ප්‍රාදේශිය කළමනාකාර මහතා සහ කුරුණෑගල  ඇතුගල්පුර ශාඛා කළමනාකාර  මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුණා.




(colombotimes.lk)