colombotimes.lk
සිංහල | English

19 May 2024

ඉදිරියේදී වැසි තත්වයේ වර්ධනයක්



බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් හෙට (07) සවස 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවට ද දැනුම් දී තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි.
(colombotimes.lk)