12 May 2025


ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද පස්වරුවේ



ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පැවැත්වෙනවා.

අද (19) පස්වරු 4.00ට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී එම උත්සවය පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

පොලීසිය වැඩිදුරටත් පැවසුවේ, පස්වරු 3.00 සිට රණවිරු දින සැමරුම් උත්සවය අවසන් වන තුරු පොල්දූව හන්දියෙන් සහ කියන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගය වසා තැබෙන බවයි.
(colombotimes.lk)