ශ්රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ නාමය ව්‍යාජ ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් එම ශිෂ්‍ය සංගම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ 2025/07/21 දින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ලිපි ශීර්ෂය යටතේ මධුෂාන් චන්ද්‍රජිත් යන අයගේ අත්සන සහිතව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බවයි.
එහි ලිපි ශීර්ෂයේ ලිපිනය ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ කාර්යාලය සඳහන් කර තිබෙනවා.
දශක ගණනාවක් පුරා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කාර්යාලය ලෙසත් ලිපිනය ලෙසත් භාවිතා වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගම් කාර්යාලය බව සත්‍යයක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
කෙසේ වෙතත් මධුෂාන් චන්ද්‍රජිත් යන අය තමන් තවදුරටත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස හඳුන්වාගනිමින් සහ සිය කාර්යාලය ලෙස අපගේ මහා ශිෂ්‍ය සංගම් කාර්යාලය ප්‍රසිද්ධ කිරීම දැඩි පිළිකුලින් හෙළාදකින බව ඔවුන් සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය නිකුත් කළ නිවේදනය පහතින්,