colombotimes.lk
සිංහල | English

13 May 2024

වත්තලදී සිදු වූ කොල්ලකෑමේ උත්සාහයක් CCTV කැමරාවක සටහන් වෙයි (VIDEO)



වත්තල ප්‍රදේශයේ සිදු වූ මංකොල්ලකෑමකට තැත් කිරීමේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙනවා. 

‘X’ සමාජ මාධ්‍යය හරහා හුවමාරු වූ තොරතුරුවලට අනුව ඊයේ රාත්‍රියේ වත්තල කුඩා ඒදණ්ඩ පාරේදීයී මෙම සිදුවීම සිදුව ඇත්තේ. 
 
කාන්තාවක් විසින් පදවාගෙන යන මෝටර් රථයක් ලුහුබඳිමින් පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණි බවට වාර්තා වනවා. 
 
එහිදී එක් සැකකරුවෙකු මෝටර් රථය කඩා විවෘත කිරීමට උත්සාහ කළද, අදාළ කාන්තාව පැන යාමට සමත් වන අතර, සැකකරුවන් විසින් කාන්තාවට බාධා කරන අයුරු වීඩියෝ දර්ශනවල දැක්වෙනවා.
(colombotimes.lk)