colombotimes.lk
සිංහල | English

20 May 2024

යුක්‍රේන - රුසියා යුද්ධයට යැව් ලාංකිකයන් 6ක් ජීවිතක්ෂයට



මිනිස් ජාවාරම්කරුවන් විසින් යුක්‍රේන - රුසියා යුද්ධයේ රුසියානු හමුදාවට එක් වීම සඳහා මෙරටින් යවන ලද ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී ඒ බව තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙන බවයි.
(colombotimes.lk)