22 July 2025

logo

බංගලාදේශ ගුවන් අනතුරින් දිවි අහිමි වූ පිරිස ඉහළට



බංගලාදේශයේ ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් ඩකාහී උත්තරා ප්‍රදේශයේ පාසලකට කඩාවැටීමෙන් අද (21) බිහිසුණු අනතුරක් සිදු වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට එම අනතුර හේතුවෙන් ළමුන් 16දෙනෙක් ඇතුළුව 19දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

තවත් පුද්ගලයන් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

F - 7 BGI ප්‍රහාරක ජෙට් යානයක් මෙලෙස කඩාවැටී තිබෙනවා.

(colombotimes.lk)