නුවරඑළිය ග්‍රෙගරි වැව අවට මේ දිනවල පවතින අධික සුළං සහ දැඩි අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් බෝට්ටු සහ හංස බෝට්ටු සේවාවන් තාවකාලිකව නැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මෙම තීරණය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරියගේ සහ නුවරඑළිය මහ නගරසභාවේ උපදෙස් පරිදි බෝට්ටු හිමිකරුවන් විසින් ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එම සේවාවන් අද (21) සිට තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබෙනවා.
බෝට්ටු හිමියන් සඳහන් කළේ පවතින දැඩි අයහපත් කාළගුණය හමුවේ නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල අඩුවක් පවතින බවයි.
(colombotimes.lk)