22 July 2025

logo

ජනපතිගේ විශේෂ යෝජනාවකට කැබිනට් අනුමැතිය



AI (කෘත්‍රිම බුද්ධිය) සංවර්ධනය සඳහා සිංගප්පූරුවේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහනේ සහයෝගය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පරමාර්ථයන්ට දායක විය හැකි සජීවී හවුල්කාරිත්වය සහ දැනුම හුවමාරු කර ගැනීමේ අවස්ථා සොයා බැලීම සඳහා සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය යටතේ ක්‍රියාත්මක 'සිංගප්පූරු කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහන' (AI Singapore) සමඟ සාකච්ඡා පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා දෙරට අතර සහයෝගිතාව විධිමත් කිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වුණා.

මෙරට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ සිංගප්පුරුවේ ජාතික විශ්වවිද්‍යාලය අතර යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පිණිස ඩිජිටල් අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

(COLOMBOTIMES.LK)