colombotimes.lk
සිංහල | English

07 October 2024


Colombo Times Talent පොඩ්ඩෝ විනිශ්චය කටයුතු ඇරඹේ



ලෝක ළමා දිනයට සමගාමීව Colombo Times වෙතින් සංවිධානය කළ Talent පොඩ්ඩෝ තරගය වෙනුවෙන් දහසකට අධික දරුවන් ප්‍රමාණයකගේ නිර්මාණ අප හට ලැබී තිබෙන බව සතුටින් දැනුම් දෙන්නෙමු.

එම නිර්මාණ ඇගයීමේ කටයුතු අද (07) සිට සිදු කෙරෙනවා.

ඒ  Colombo Times ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදීයි.

ඒ අනුව Colombo Times Talent පොඩ්ඩෝ 2024 ජයග්‍රාහකයන් නිවේදනය කිරීම Colombo Timesහි 06 වන සංවත්සරය යෙදෙන ඔක්තෝම්බර් මස 10 වනදා සිදු කෙරෙන බව අපි ඔබට සතුටින් දැනුම් දෙන්නෙමු.

(colombotimes.lk)