colombotimes.lk
සිංහල | English

07 October 2024


රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී වන්දි මුදල් ගෙවා නිම කරයි



පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කළ බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අදාළ රුපියල් මිලියන 75ක වන්දි මුදල් ගෙවා අවසන් කර තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පසුගියදා ඔහු හට නොතීසියක් නිකුත් කළා.

ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අද (07) අධිකරණයේ පෙනී සිටියා.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව නියම වූ වන්දි මුදල් ගෙවා අවසන් නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් සිදු කර ඇති පැමිණිල්ලට අදාළවයි.

එම පැමිණිල්ල අද (07) පෙරවරුවේ විභාගයට ගැනීමෙන් පසු පස්වරු 1.30ට කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

(colombotimes.lk)